ඩොමේන් නාමයේ අයිතිය

ඩොමේන් නාමයේ අයිතිය.

ඔබ ඩොමේන් නාමයක් මුදල් ගෙවා ලබා ගත් පසුව එහි සම්පූර්ණ අයිතිය ඔබට හිමි වේ. ඉන් පසුව අදාල ඩොමේන් නාමයෙහි ඕනැම වෙනස් කමක් කිරීමේ හැකියාව ඇත්තේ ඔබට පමණයි.

ඔබගේ ඩොමේන් නාමයේ අයිතිය ඇත්තේ ඔබටම දැයි බලා ගන්නේ කෙසේද?

යම් ඩොමේන් නාමයක් ලියාපදිංචි කිරීමෙන් පසුව රෙජිස්ට්‍රාර් විසින් ඩොමේන් නාමය ලියාපදිංචි කල පුද්ගලයාගේ ඊ මේල් ගිණුමට සියලු විස්තර සහ ඩොමේන් නාමය පාලනය කිරීමේ පාලන පුවරුවට පිවිසීමට අවශ්‍ය පරිශීලක නාමය හා මුර පදය එවනු ලබයි. එමගින් ඔබට ඔබගේ ඩොමේන් නාමයේ ඕනෑම වෙනස් කමක් කිරීමේ හැකියාව ලැබේ.

තවද “WHOIS Lookup” මගින් ඩොමේන් නාමයේ වර්තමාන අයිතිකරු පිළිබඳව විස්තර බලාගත හැක. නමුත් ඩොමේන් නාමය සඳහා “Domain Privacy Protection” (පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම) යොදා ඇත්නම් එමගින් බලාගත නොහැක.

කෙසේ වෙතත් ඔබගේ ඩොමේන් නාමය සඳහා ඔබගේ ඊ මේල් ගිණුමට එය ලියාපදිංචි කිරීමේ සේවය සැපයු රෙජිස්ට්‍රාර් විසින් සියලුම විස්තර එවිය යුතු අතර ඩොමේන් පාලන පුවරුව මගින් ඔබගේ විස්තර සියල්ල බලාගැනීමටත් පාලනය කිරීමටත් හැකි විය යුතුය.
ඩොමේන් නාමයේ අයිතිය ලැබුනේ නැත්නම්?

ඩොමේන් නාමයක් ලබාගත් පසු එහි අයිතිය ලබාගත් පුද්ගලයාට හිමි වන අතර පසුව එය තමන් කැමතිනම් වෙනත් අයෙකුට පැවරීමට, එම ඩොමේන් නාමය විකිණීමට හා ඕනෑම වෙනසක් කිරීමට හැකියාව ඇත. එබැවින් ඔබේ ඩොමේන් නාමයේ අයිතිය ඔබට නොමැතිනම් ඉහත සඳහන් කල සියල්ල හෝ ඉන් එකක් සිදුවිය හැක.
මෙය වංචාවක් ලෙස සිදුවන්නේ කෙසේද?

1. වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී

අඩු මුදලකට හෝ ඩොමේන් නාමය නොමිලයේ ලබා දෙන බව පවසා වෙබ් අඩවිය නිර්මාණය කර දී එය අන්තර්ජාලයට ද එක කර තම පාරිභෝගිකයාගේ සිත් දිනාගන්නා වංචාකරුවන් ඩොමේන් නාමයේ අයිතිය ලබා නොදේ. ඒ වෙනුවට එහි අතියිය ඔවුන් සතුව තබා ගනී. එයට හේතුව වශයෙන් පාරිභෝගිකයාගේ තාක්ෂණ දැනුමේ මද කම පෙන්වා දෙන අතර ඩොමේන් නාමය වෙන කෙනෙක් සොර ගනු ඇතැයි යනුවෙන් අනවශ්‍ය බියක් ඇති කරයි.

පසුව පළමු අවුරුද්දෙන් පසුව ලබා දෙන සේවය අඩුවන අතර පාරිභෝගිකයාට එය කරදරයක් වන තරමට ගෙන එන අතර පසුව අමතර මුදල් ය කරයි. පාරිභෝගිකයා වෙනත් සේවා සපයන්නෙකු වෙත යොමු වූ විට අදාල ඩොමේන් නාමය ලබා දීමටනම් යම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බව පවසා පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරයි. තම ඩොමේන් නාමය ඒ වන විටත් යම් ප්‍රසිද්දියක් ලබා ඇති නිසාත් එය වෙනස් කිරීම අපහසු නිසාත් ඉල්ලුම් කරන මුදලක් ලබා දී ඩොමේන් නාමය ලබාගැනීමට සිදු වේ.

2. ඩොමේන් සහ වෙබ් සත්කාරක (හොස්ටින්ග්) සේවා ලබා ගැනීමේදී ද මෙම ගැටලුව ඇති වේ. අදාළ සේවා සපයන ආයතනය අඩුමුදලට සේවා සපයන අතර පසුව පාරිභෝගිකයන් වංචාවට හසු කර ගනී.

ඩොමේන් නාමයේ අයිතිය ලබා දේ නම් කිසිදු ගැටළුවක් නැති අතර එසේ නොමැතිනම් මේ පිළිබඳව දන්නා කෙනෙකුගෙන් අසා දැනගන්න.

අපගේ සහය අවශ්‍යනම් උපකාරක සේවය අමතන්න. උපකාර සේවය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.

Tell a friend
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •   
  •   
  •   
  •   
  •   
  •  

Add a Comment

Your email address will not be published. Required fields are marked *